Friday, December 8, 2017

walking with the comrades arundhati roy in sry lanka traslation

සහෝදරවරුන් සමග ගමනේ…

”අරුන්දතී රෝයිට වනයේ මාහැඟි සංචාරයක යෙදීම සඳහා විපුල අවස්ථාවක් හිමි විය. ඇය තහනම බිඳ දමමින් මාඕවාදීන් සමග ඔවුන්ගේ නිවහනේ දී සම්මුඛ සාකච්ඡාවල නියැලූණු පළමු වාර්තාකාරිය සහ ලේඛිකාව වන්නේය.

පසුගිය මාසයේදී කිසිවෙකුටත් නොදන්වා, නිහඬවම අරුන්දතී රෝයි තහනම් කරන ලද සීමාවක් වූ මධ්‍යම ඉන්දියාවේ දන්දකර්ණයා වනයට පිවිසීමට තීරණය කළහ. එය රාජ්‍ය අනුග‍්‍රහය ලත් මිනීමරුවන්ට සහ සූරාකන්නන්ට එරෙහිව අවි ගෙන සිටින මෙලාංගේ ආදිවාසී ජනතාවගේ නිවහනයි. ඇය පුද්ගලික අවධානමක් දරමින් සති ගණනක් තිස්සේ වනය පීරමින් සන්නද්ධ ගරිල්ලාවන්, ඔවුන්ගේ පවුල් සහ සහෝදරවරුන් සමග මුහුණට මුහුණ මාධ්‍ය හමුවල ‘‘ගැටෙමින්’’ සෑහෙන තොරතුරු ප‍්‍රමාණයක් වාර්තා කළහ. මේ ලිපිය දිල්ලියේ පළවන අවුට්ලූක් සඟරාවේ සිකුරාදා දිනයක පළ විය. වචන 20,000 ක් අන්තර්ගත අරුන්දතී රෝයිගේ මෙම ලිපිය ඩෝන් සඟරාවෙහිද (අරුණෝදය) අන්තර්ගතව ඇත.”

මෙම ලිපිය අරුන්දතී රෝයි විසින් සකසන ලද්දේ 2009 වසරේ තරම් ඈතකදී වුවත් මෙය සිංහලයට නගා ගැනීමට මෙතරම් කාලයක් ගතවීම අපේ පැත්තෙන් බැලූ කල සිදුව ඇති බරපතල ප‍්‍රමාදයකි.



ලිපිය බාගත කර ගැනීමට මෙතැන ක්ලික් කරන්න. To download file click here.

No comments:

Post a Comment